spot_img
spot_img

රන් භාණ්ඩ සොරකමට ආයතනයේම දෙන්නෙක් අත්අඩංගුවට

කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රන්භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිෙබනවා.

ඔවුන් ෙදෙදනා ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට ගෙන අත්තේ, එම ආයතනයේම අලෙවි නිලධාරියෙකු හා රන් භාණ්ඩ අංශය භාර නිලධාරියෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කලවාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ත් 33ත් අතර වයස්වල පසුව පුද්ගලයින් දෙදෙනෙක් බව පොලීසිය පවසනවා.

මූල්‍ය ආයතනයේ තිබූ රු 68,978,357ක් වටිනා මාල, මුදු, වළලු, බේස්ලට්, කරාබු, පෙන්ඩන් ඇතුළු රන් භාණ්ඩ කිලෝ 03 ග්‍රෑම් 770ක් හා කැමරා පද්ධතියේ ඩෙකෝඩරය සොරාගෙන ගොස් ඇති බවට එම ආයතනයේ වැඩබලන කලමණාකරු විසින් කලවාන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...