Tuesday, April 28, 2026
spot_img
spot_img

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

මෙවර ලෝක ළමා දිනයේ තේමාව ‘සියලු දරුවන්ට එක හා සමානව සැලකීම හා ආරක්ෂාව ලබාදීම’ යන්නයි..

ලෝක වැඩිහිටි දිනයේ තේමාව ගෞරවාන්විතව වයස්ගත වීම යන්නයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

දිළිඳුකම, මන්දපෝෂණය ,සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව,සමාජ අවස්ථාවල අසමාන බව,මත්ද්‍රව්‍ය මෙන්ම ,තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ ගොදුරු බවට පත්වීම යනාදිය මේ වන විට දරුවන් මුහුණ පාන ප්‍රධාන අභියෝග බව ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ සඳහන් ය.

එමෙන්ම දරුවන්ගේ මනෝ සමාජීය සංවර්ධනයට බාධා කරන සමාජීය සාධක මෙන්ම,ආතතියෙන් පිරිණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව,යනාදි අගතින්ගෙන් වත්මන් ළමා පරපුර මුදවා ගෙන දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම සිය කාර්ය බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

කයින් මනසින් මෙන්ම අධ්‍යාත්මයෙන් ද නිරෝගි සුපසන් පරපුරක් බිහි කිරීම මගින් අනාගත ලොව දිනන නිදහස් පරිකල්පනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව විශ්වාස කරන බව ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩියේ සඳහන් ය.

ඒ සඳහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව,අන්නෝන්‍ය විශ්වාසය,ගරුත්වය සහ පිළිගැනිමෙන් යුක්ත සමාජය නිර්මාණය කිරිම සහ ස්භාවික සම්පතකින් සපිරි පරිසරික උරුමය රැක දීමටත් අවැසි දේශපාලනික පරිවර්ථනය ප්‍රමුඛ කාර්යක් සේ සලකා ඉටුකිරිමට කැපවෙන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ අතර,, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ මෙවර ජාත්‍යන්තර ළමා දින තේමාව, පාඨයකට සීමා නොකර යථාර්තයක් කිරීම රජයේ අරමුණ බවයි.

රටේ සෑම දරුවකුට ම උසස් තත්ත්වයෙන් යුතු නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට තමන් කැප වී සිටින බවත් අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ පණිවිඩයේ සඳහන් ය.

ආර්ථික වශයෙන් ශක්තිමත් දේශයක දරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීම සිය දැක්ම බව ඇය පෙන්වා දෙන්නී ය.

එමෙන්ම, අධ්‍යාපන ආයතන ද ඇතුළුව සියලු‍ ස්ථානවල ළමයින්ට මුහුණ දීමට සිදු වන කායික හා මානසික හිංසනයන්ට රජයක් ලෙස තරයේ විරුද්ධ වන බව අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...