spot_img
spot_img

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය අද

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය ප්‍රකාශයට පත්කර ඇති නිසා අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වාම එම කටයුතු සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වු අතර, මේ වනවිට ලක්ෂ 30ක පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් බෙදාහැර තිබෙනවා.

මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා සිටියේ, අද ඉරිදා දිනයක් වුවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි.

ඒ හේතුවෙන් අද දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගන්නා ලෙස ඔහු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර සිටියා.

කෙසේ නමුත් මෙම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ මස 14 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...