spot_img
spot_img

ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගමනක් යෑමට අත්වැල් බැඳගන්නැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (1) පැවසීය.

බොරැල්ල, කැම්බල් පිටියේදී  පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දින රැළියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

මෙම මැයි රැළියත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වීමට හැකි වූ බවත් රටේ හතර වටෙන් කැම්බල් පිටිය එකතු වී සිටින ජනතාව ප්‍රදර්ශනය කරන්නේ තලන පෙළන පොදුජන පෙරමුණ තව තවත් මුවහත් වන බවත් රාජපක්‍ෂ මහතා කීය.

තමන් ඇතුළු කණ්ඩායම හොරු යැයි පවසමින් මඩ ගහසා බොරු කර රටේ අනාගතය නැති කිරීමට දෙස් විදෙස් බලවේග රාශියක් ක්‍රියාත්මක වූවද රටෙත් ජනතාවගේ අභිලාශ වෙනුවෙන් එම සියලුම අභියෝග ජයගත් බවත් ඇතැම් පක්‍ෂ කම්කරු ජනතාව හැමදාම සටන් බිමේ ඉත්තන් හැටියට තබාගැනීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම පිරිසට කමිකරු ජනතාවගේ දරුවන්ගේ අනාගතය හදන්න කිසිඳු අදහසක් නොමැති බව කී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් කම්කරු අමාත්‍යවරයා ලෙස කම්කරුවන් වෙනුවෙන් සුබසාධන ආරම්භ කර සියයට 100 ක්ම ඔවුන් සමඟ සිටි බව ද සඳහන් කළේය. උසනම් සිකියුරිටි, මිටිනම් කම්කරු යැයි තෝරණ තවත් කණ්ඩායමක් සිටින බවත් ඇත්තටම එහෙම කර අද වැනි දිනක මයික් එකට ඇවිත් ආදරණිය සහ සදාදරණිය කම්කරු ජනතවා යැයි ආමන්ත්‍රණය කරන බවත් ඔහු පැවසීය.

ඊළඟ ජනාධිපතිවරණෙයෙන් පසුව මේ රට ගමන් කරන්නෛ් කොතනටද යන තීන්දුව පිළිබඳව අද සිට ජනතවා දැනුවත් කිරීම ආරම්භ කරන බවත් ඉතිහාසයේ වැඩියෙම් වැරදි කරපු මේ රටේ අනාගත නැති කළ මිනිසුන්ගෙන් අපහාස විදගෙන ඔවුන්ගේ ඔඩොක්කුවට නොවැටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්‍ෂ මහතා කීය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...