සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අනතුරට ලක් වී තිබෙනවා.
අද (18) උදෑසන මෙම අනතුර සිදුවි ඇත්තේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදීයි.
මන්ත්රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් මන්ත්රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් නාරහේන්පිට ප්රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙන බවට වාර්තා වනවා.




