රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය ඔස්සේ පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඔවුන් මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මේ බව දැනුම්දුන්නා.




