spot_img
spot_img

වසර 10ට පොල් ගස් ලක්ෂ තුන හමාරක් කපලා

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුගිය වසර දහය තුළ තුන් ලක්ෂ පනස් දෙදාහක් පොල් ගස් කපා දමා තිබෙනවා. පොල් අක්කර 4072 කට්ටිකර ඇති බව හිටපු ලේකම් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය පද්මකාන්ත වඳුරාගල මහතා පැවසීය.

දැනට වසර තිහකට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් අක්කර ලක්ෂ තුනක් තිබූ අතර 2024 වර්ෂය වන විට ඇත්තේ පොල් අක්කර 93.000.ක් පමණ බවත් පොල් ගස් ලක්ෂ දෙකකට වැඩා කපා විනාශ කර ඇති බවත් ඒ මාහතා පැවසීය.

ඉහළ යන පොල් මිල පාලනය කිරීම සඳහා කෙටිකාලීන විසඳුමක් ලෙස පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කිරිම තාවකාලිකව නවතා එම පොල් දේශීය වෙළඳ පොළට දැමිය යුතුය.එසේ නැතිනම් පොල් මිල පාලනය කිරීම සඳහා පොල් ආනයනය කළ යුතු බවද ඒ මහතා කිය.

පොල් ඵලදාව ආරක්ෂා කර ගැනීම සඳහා දිගු කාලීන විසඳුමක් ලෙස රිලව් පන්නා දැමීම සඳහා ලංකාවේ පර්යේෂණ ආයතනයක් විසින් උපකරණයක් සාදා ඇති අතර එය වෙළඳපොළට නිකුත් කර නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...