spot_img
spot_img

කංජිපානිගෙ නමින් ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර ඇති මල් ශාලාවටත් තර්ජන

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය මේවන විට තැන්පත් කර ඇති කොළඹ, බොරැල්ලේ මල්ශාලාවට තමන් කංජිපානි ඉම්රාන් බව අඟවමින් පෙරේදා (10) රාත්‍රි 11.30ට පුද්ගලයෙකු දුරකතන ඇමතුමක් ලබාදී තිබෙන බවට වාර්තා වනවා.

ක්ලබ් වසන්තගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා එහි තැන්පත් නොකරන ලෙස එම තැනැත්තා තර්ජනය කර ඇතිබව පොලීසිය පවසනවා.

එලෙස මෘත ශරීරය තැන්පත් කළහොත් මෘත ශරීරයට මෙන්ම මල්ශාලාවට ද වෙඩි තබන බවට අදාළ පුද්ගලයා විසින් තර්ජනය කර ඇති බව පොලීසිය සඳහන් කළා.

ඒ් අනුව මල්ශාලාවේ කළමනාකරු ඊයේ (11) පෙරවරුවේ මේ පිළිබඳව බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

බොරැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ, විදෙස් රටකින් අදාළ දුරකතන ඇමතුම ලැබී ඇති බවයි.

ඒ අනුව මල්ශාලාවේ ආරක්ෂාවට පොලීසිය යොදවා තිබෙනවා.

ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට(13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...