spot_img
spot_img

ඊයේ එහේ ගිය අය මෙහෙත් ආවා – නාමල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පල කරනවා යැයි ඊයේ (29) දින ප්‍රකාශ කළ පිරිස් ඊයේ රෑත් තම නිවසට පැමිණි බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (30) මාධ්‍ය වෙත අදහස් පල කරමින්. එහිදී ඔහු පවසා සිටියේ ජනාධිපතිවරණයේදී ජනතාව බලාපොරොත්තු වන්නේ ජාතික වැඩපිලිවෙල ඇති නායකයෙකු මිස මනාප හොයන වැඩපිලිවෙලක් නොවන බවයි.

එමෙන්ම පොදුජන පෙරමුණ විසින් මේ වන විට යම් තීරණයක් ගෙන ඇති අතර ඊට එහා ඉදිරි තීරණ ගන්නා බව හෙතෙම කියා සිටියා. එදා සිටම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව අපි සිටි බවත් ඉදිරියටත් එය ඒ ආකාරයට තිබෙන බව නාමල් රාජපක්ෂ පවසනවා.

පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ මලයි නැට්ටයි දෙකම තියෙන්නේ ජනතාවගේ අතේ බව අප හොඳින් තේරුම් ගත යුතු බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...