spot_img
spot_img

“බ්‍රේක් නෑ පස්සට ගිහින් අල්ලගන්න රියදුරු කෑ ගැහුවා කවුරුත් ගණන් ගත්තේ නෑ අපි හිනා වුණා” – තුවාලකරුවෙක්ට පියවි සිහියට

ඊයේ රාත්‍රියේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ ප්‍රපාතයට පෙරලුනු බස් රථයේ සිටි රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයකු පියවි සිහියට පැමිණ කට උත්තරයක් ලබා දී තිබේ. අනතුරට හේතුව ලෙස බස් රථයේ තිරිංග ක‍්‍රියා විරහිත වූ බව පවසා රියැදුරු කෑ ගැසූ බව ඔහු පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ තමන් රියදුරු ආසන්නයේ එන්ජින් කවරය ගමන් කල බවත් තිරිංග ක්‍රියා විරහිතව ඇති බව පැවසුවද අනෙක් අය එය ගණනකට නොගත් බව ඔහු පවසයි.

පසුව රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඉදිරියෙන් පැමිණි ජීප් රථයේ වැදී බස් රථය ප්‍රපාතයට ඇදවැටුණු බව ඔහු පවසයි. ඔහුද සිහිසුන්ව සිටි බවත් සිහිය පැමිණි පැමිණියේ රෝහල් ගත කලාට පසු බවත් ඔහු පැවසුවේය.

ඔහු පැවසුවේ,

“මම එයාලත් එක්ක කතා කර කර ආවේ.ඇල්ල හරියෙ වංගුව ගාවදී ඩ්‍රයිවර් කිව්වා බ්‍රේක් නෑ කියලා.ඊට පස්සේ කොන්දොතරයි තව කට්ටිය හිනාවුනා බොරු කියන්න එපා කියලා.ඊට පස්සෙ දෙවෙනි වංගුවේදීත් කිව්වා නෑ ඇත්තටම බ්‍රේක් නෑ කියලා.එකපාරටම කපන්න ගත්තා.එතකොට තමයි දන්නේ ඇත්තටම බ්‍රේක් නෑ කියලා.ඉස්සරහින් වාහනයක් ආවා.ඒකේ වැදිලා තමයි පල්ලමට ගියේ.ඒ වෙලාවේ නම් මං හිතුවේ මම ඉවරයි කියලා.වැටිලා පැයක් විතර සිහිය තිබ්බේ නෑ”

අනතුරෙන් දිවි ගලවා ගත් කාන්තාවක් පැවසුවේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වූ බැවින් පහළට ගොස් තදින් අල්ලාගෙන සිටින්නැයි බස් රථයේ කොන්දොස්තර කෑ ගැසූ බවය.

ඒ සමගම බස් රථය විශාල ශබ්දයක් සමඟ දෙවරක් ආරක්ෂිත වැටේ ගැටී ප්‍රපාතයකට පෙරළුණු බවත් ඇය පැවැසුවාය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...