Wednesday, May 6, 2026
spot_img
spot_img

අද රෑ නවතින දුම්රිය

ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දිවයින පුරා දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (09)දා රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරත වීම නිසාවෙන් රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

කොළඹ කොටුව සිට බදුල්ල බලා රාත්‍රී ධාවනය වීමට නියමිත ව තිබූ අංක 1045 රාත්‍රී තැපැල් දුම්රිය, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1046 දරන රාත්‍රී තැපැල් දුම්රිය,කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 6079 මීනගයා නගරාන්තර දුම්රිය, මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 6080 දරන මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රිය, කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 7083 දරන රාත්‍රි තැපැල් දුම්රිය, ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 7084 දරන රාත්‍රී තැපැල් දුම්රිය සහ කොළඹ කොටුව සිට රබුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1144 දරන රාත්‍රී දුම්රියන් වල ගමන් වාර මෙසේ අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ආර්.එම්.එස්.පී.ජයසුන්දර මහතා සදහන් කළේය.

කලක් තිස්සේ පැවත එන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු විසදීමට රජය මෙතෙක් ක්‍රියා කර නොමැති නිසාවෙන් දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ ගැටලු වලට වහාම විසදුම් ලබා දෙන ලෙසත් කඩිනමින් විසදුම් නොලැබුනොත් මෙම වැඩ වර්ජනය දිගටම කරගෙන යන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...