spot_img
spot_img

අපි පන්සල් යන්නෑ කියන කතාව විරුද්ධවාදීන්ගේ බොරුවක් – විජිත හේරත්

ජාතික ජන බලවේගයේ නායකයින් පන්සල් නොයන බවට ඇති චෝදනාව දේශපාලන විරුද්ධවාදීන් විසින් ප්‍රචාරණය කරන බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

විජිත හේරත් මහතා මීරිගම දොලහේන ප්‍රදේශයේදී පෙරේදා (28) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේ ,

“ජාතික ජන බලවේගය මේ රටේ සියලු ආගම්වල අයිතිය ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේම ආගමික නිදහස – ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ ප්‍රතිපත්තියේ අපි ඉන්නවා. ඉතින් අපි ඒ වෙනුවෙන් බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ඒ සියලු ආගම්වලට ගරු කරමින් ඒ සියලු ආගම් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා වැඩකරනවා. ඉතින් බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් අපි මැදිහත් වෙනවා. ඉතින් ඒ අර්ථයෙන් තමයි රාමඤ්ඤ නිකායේ උපසභාපති වගකීම මම අරගෙන තියෙන්නේ. ඉතින් අපි ඒ කටයුතුවල නිරන්තයෙන් නිරතව ඉන්නවා. ඒ වගේම හිටපු සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමති. ඉතින් එහෙම නම් ඔය කියන චෝදනා එතනින්ම ප්‍රතික්ෂේප වෙනවා. මේ රටේ ජාතික උරුමයන් රකින්න, මේ රටේ සංස්කෘතිය රකින්න මැදිහත් වෙච්ච, මැදිහත් වෙන දේශපාලන ව්‍යාපාරයක්. එනිසා අපි ආගම්වලට මැදිහත් වෙන්නෑ කියන එක සම්පූර්ණ බොරුවක්. ඒ හිතාමතා අපේ විරුද්ධවාදීන් හදන වැරදි මතයක්”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...