spot_img
spot_img

තාත්තා ජනපති වුණ පළියට පුතා‍ට රට බාරදෙන්න බෑ – සරත් ෆොන්සේකා

පක්ෂ නායකයකු වූ පළියට හෝ තාත්තා ජනාධිපති වී සිටි පළියට රට බාර දුන්නොත් නැවතත් රට අගාධයට යන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසුවා.

‍‍‍‍අරෙහෙ මෙහේ ගිහින් බඩු බෙදා කයිවාරු ගහන්නන්ට රටවල් පාලනය කරන්නට හැකියාවක් නැතැයි ද ෆොන්සේකා මහතා එහිදී සදහන් කළා.

පක්ෂ නායකයන් වූ පළියට ජනපතිවරණයට ඉල්ලූ විට රටේ ජනතාවට විකල්පයක් නැතිවන බව කී සරත් ෆොන්සේකා මහතා මෙවරවත් රටට හරි නායකයකු තෝරා ගත යුතුව තිබෙන බවද සඳහන් කළේය.

පක්ෂවල ප්‍රබලයන් යැයි කියන අය සියයට 50ක් දූෂිත බව කී ෆොන්සේකා මහතා තවත් සමහර අයට කිසිම දැක්මක් නැති බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවෙන් රට හදන්නට නොහැකි බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිටින සියයට පනහක් දූෂිත බව පැවැසීය.

එම නිසා පාලකයා තෝරා ගැනීමේදී ජනතාව ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇතැයි එසේ නොවුනහොත් රට නැවත ගොඩ ගත නොහැකි තරම් අගාධයකට ඇද වැටෙනු ඇති බව ද ෆොන්සේකා මහතා වැඩිදුරටත් සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...