spot_img
spot_img

රනිල්ගේ පොතේ කරුණුමයි මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ – වජිර

එදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩ ගැනීමට ඉදිරිපත් කළ යළි පුබුදමු ශ්‍රී ලංකා පොතේ සඳහන් කරුණු විශාල ප්‍රමාණයක් මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුල්වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදීයි.

ඒ මහතා පවසන්නේ, වැටුණු රට ගොඩගත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ වෙනස් කළහොත් සමස්ත රට නැවත වරක් කඩා වැටෙනු ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා :

“එදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට ගොඩ ගන්න ඉදිරිපත් කරපු යළි පුබුදමු ශ්‍රී ලංකා පොත මා සතුව තිබෙනවා. මා අද පුදුම වෙනවා එහි තිබෙන කරුණු විශාල ප්‍රමාණයක් මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුල්වී තිබීම ගැන. ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා . ඒ වගේම අද විරුද්ධ පක්ෂයේ පොඩි ළමයි කණ්ඩායමක් ඉන්නේ. ඒ අය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදපු පොඩි ළමයි කණ්ඩායමක් වගෙයි . නායකයා කියන්නේ මොකක්ද කියලා බලාගෙන ඉඳලා, ඔවුන් ඒ දේ කියනවා. ගිරව් වගේ. එනිසා ඔවුන්ට වෙනම ඉලක්කයක් නෑ. ඒ අය ගැන අනුකම්පා කරන්න ඕන. ඒ අයගේ තියෙන ඉලක්ක වෙනස්. ඒ අයට තියෙන්නේ තණ්හාවක්. ඒ තණ්හාව නිසා තමයි අපි ජාතියක් හැටියට දිගින් දිගටම කඩාවැටිලා තියෙන්නේ.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය භාවිතා කිරීමේ දී නිවැරදි තීන්දුව ගැනීමට ලක්ෂ 15 කට අධික රාජ්‍ය සේවක ප්‍රජාව කටයුතු කළ යුතු බවද ඒ මහතා පවසනවා.

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය, ජනාධිපතිවරණ ඉතිහාසයේ ඉතාම වැදගත් සංධිස්ථානයක් බව ජනතාව මතක තබාගත යුතුයි. ඒ වගේම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත් ඒ ගැන ඉතාම කල්පනාවෙන් බැලිය යුතුයි. මේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිමය ප්‍රතිසංස්කරණ රැසක් සිදු කළා. ඉන් එක නිතිමය තත්වයක් තමයි ශ්‍රී ලංකා මහ බැංකු පනත. ඒ වගේම රාජ්‍ය ණය කළමනාකරණය කිරිමේ පනත, පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත ද ගෙනවිත් තිබෙනවා . දැන් ඒවා මේ රටේ නීතිය බවට පත්ව ඇති බව මේ මැතිවරණ කාලයේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කරන අය හොඳට මතක තබා ගත යුතුව තිබෙනවා.

ඒ වගේම පිටු 165 කින් සමන්විත ආර්ථික පරිවර්තන පනතද මේ වන විට සම්මත කර තිබෙනවා. කවුරු මොන ප්‍රතිපත්තිය ඉදිරිපත් කළත් ඒවා මේ නීති ප්‍රකාරව සිදුකළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මුල්‍ය සංවිධාන, ණය හිමි රටවල් සමඟ ද අප එකඟතා ගිවිසුම් අත්සන් කර තිබෙන්නේ මේ නීති අනුව කටයුතු කරන බව තහවුරු කරමින්. ඒ නිසා මේ වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි. එය සංශෝධනය කළොත් හෝ ආපසු හැරවුවොත් සමස්ත රට යළි කඩා වැටෙනවා.

ඒ නිසා ලක්ෂ 15 කට අධික රාජ්‍ය සේවකයන් ඉදිරි ජනාධිපතිවරණයට නියමිත සැප්තැම්බර් 3,4,5,6 යන දින වල පැවැත්වෙන තැපැල් ජන්දය භාවිතා කිරීමේදී නිවැරදි තීන්දුවක් ගත යුතුයි. ඇතැමුන් හොරු අල්ලන්න බලය ඉල්ලනවා. නමුත් දැන් අරයා හොරා මෙයා හොරා කියමින් ඉන්න අවශ්‍ය නෑ. ආසියාවෙ තියෙන බලවත්ම දූෂණ විරෝධී පනත ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා . දැන් තිබෙන්නේ අදාළ ආයතන වෙත පැමිණිලි කිරීමයි.

රාජ්‍ය යාන්ත්‍රණයේ රාජ්‍ය සේවකයන්ට පසුගිය සමයේ රුපියල් 10000 ක ජීවන වියදම් දීමනාවක් ලබාදුන්නේ. ඒ වගේම 2025 සිට (සෑම වසර තුනකට වරක් සංශෝධනයන්ට යටත්ව) ජීවන වියදම් දීමනාව මාසිකව රුපියල් 25000 බැගින් ලබාදෙන්න කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය සේවකයාගේ ආරම්භක වැටුප 24%කින් වැටුප වැඩි කරන්නත් ජීවන වියදම් දීමනාව සමඟ දළ වැටුප රු. 55000ක ඉලක්කයකටත් තල්ලු කළ යුතුයි කියල වර්තමාන ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන් කර තිබෙනවා. මේ සියල්ල සඳහන් කර තිබෙන්නේ ඉහත මා සඳහන් කළ නීති රාමුව තුළයි.ඊට පිටින් කටයුතු කළ නොහැකියි . ඒ නිසා ඔය විවිධ පාර්ශව විවිධ යෝජනා , පොරොන්දු ඇතුළත් කළත් ඒ පොරොන්දු යතාර්ථයක් වෙන්න ඉඩක් නැති බවත් සිහිතබා ගත යුතුයි .

එනිසා රාජ්‍ය යාන්ත්‍රණය සියලු දෙනා කල්පනාවෙන් වැඩ නොකළොත්, මේ රට යළිත් කඩා වැටෙනවා. 2019 දී රාජ්‍ය සේවකයන් ඒ වැරැද්ද කළා. ආයෙත් ඒ වරද කරන්න එපා .

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...