spot_img
spot_img

ආණ්ඩු පක්ෂ රැස්වීම උණුසුම්:මන්ත්‍රී රාජපක්ෂට තුවාල

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් පසුව ඇතිවූ ගැටුමකදී රාජපක්ෂ මහතා තුවාල ලබා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි.

ගැටුමෙන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති හෙයින් ඊට ශල්‍ය කර්මයක්ද සිදු කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

මහනුවර ප්‍රදේශයේ ගැටලුවක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී මෙම බහින්බස්වීම සිදුවී ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් ඉදිරිපිට ගුණතිලක රාජපක්ෂ මහතා තමාට ආවේගශීලීව කතා කළ අවස්ථාවේදී ඊට පිළිතුරු නොදෙන්නේ යැයි පවසා එළියට එන ලෙස තමා ඔහුට පැවසූ බව කීය.

ගුණතිලක රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් එළියට එන විට තමා ඔහුගේ කොළරයෙන් අල්ලාගෙන ” උඹ මට කිව්වේ මොකක්දැයි” විමසූ බවත් එවිටම පොළොන්නරුවේ ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා පැමිණ ගහන්න එපා යැයි කියා ගුණතිලක රාජපක්ෂ මහතා පසුපසට අදින විට ඒ දෙදෙනාම එක ගොඩේ ඇද වැටුණු බවත් අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

තමාගේ හැසිරීම් සියල්ල සීසීටීවී දර්ශන වල ඇතැයි කී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පහරදීමක් සිදුවී නම් එම දර්ශනවලින් හොඳින්ම ඔප්පු කර ගැනීමට හැකියාව ඇති බවද සඳහන් කළේය.

තමා ඔහුට අතක්වත් නොතැබූ බවත් කමීස කොළරයෙන් පමණක් ඇල්ලූ බවත් ඔහු කීවේය.

අධික වර්ෂාව සහිත කාලගුණය නිසා මහනුවර ජනතාවගේ නිවෙස් මතට ගස් වැටී ජනතාව ඉතා අසීරුවට පත්ව සිටින බව තමා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කී බව පැවසූ අලුත්ගමගේ මහතා එහිදි වනජීවී සහ වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පනතක් ගැන කියමින් ගස් කපා ඉවත් කිරීමේ කටයුත්ත පමා කිරීමට සැරසුණු බවද ප්‍රකාශ කළේය.

මේ වෙලාවේ බම්බු පනත් හකුලාගෙන ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නැයි තමා පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා ද තමාගේ කතාව අනුමත කරමින් එහිදී අදහස් දැක්වූ බව අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කීවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා පැවසුවේ පනත් පැත්තකට තබා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු යැයි තමා එහිදී තදින්ම පැවසූ බවයි.

මේ අවස්ථාවේදී මදුර විතානගේ සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතරද උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇතැයි දැනගන්නට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ පැවැත්විණ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...