Friday, June 5, 2026
spot_img
spot_img

වතු ජනතාවට ලැබුන අයිතිය

වතු ජනතාවට ඉඩම් හිමිකම ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වතු ප්‍රජාව සඳහා සින්නක්කර ඉඩම් ලබාදීම පිණිස විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා 2024 අයවැය යෝජනා මගින් වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම යන මැයෙන් යෝජනාවක් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබුණා.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහාය ඇතිව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ සහ වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන්.

එම වැඩසටහන යටතේ ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය සතු වැවිලි සමාගම් වලට අයත් වතු වල ජීවත්වන ප්‍රතිලාභීන් 4151ක් හඳුනා ගනු ලැබ ඇති අතර එම පවුල් දැනට පදිංචිව සිටින ඉඩම් සඳහා කඩිනමින් සින්නක්කර ඔප්පු ලබාදීම පිණිස ජනාධිපතිවරයා සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...