spot_img
spot_img

සිසුවාට පහරදුන් විදුහල්පති රිමාන්ඩ්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් සිසුවකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදු කළැයි කියන විදුහල්පතිවරයා, මේ මස 11 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හිඟුරක්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර මහතා නියෝග කළේය.

පහර කෑමට ලක්වූ බව කියන සිසුවා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවත්වා ඇති වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මැදිරිගිරිය පොලිසියට නියෝග කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද තව දුරටත් නියෝග කෙරිණ. ‍

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ, පොළොන්නරුව කවුඩුළුවැව‍ෙ ටී.ජී රෝහිත කමල් ධර්මසේන නැමැති නැමැත්තෙකි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...