spot_img
spot_img

අගමැති උත්සහ කරන්නේ විධායකය – අධිකරණය අතර ගැටුමක් ඇති කරන්න – ඉරාන් වික්‍රමරත්න

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ අගමැතිවරයා විධායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇති කරන්න කටයුතු කරන බව.

එසේම අවුරුදු 5 ක ජනාධිපතිවරයා පත් කළොත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නියෝග විසිකර දමලා රට පාලනය කරන්න පුලුවන් යැයි මන්ත්‍රීවරයා අවධාරණය කලා.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අත්හිටුවන ලෙස ලබාදුන් අතුරු තහනම් නියෝගය අනුගමනය නොකළ යුතු යැයි අගමැතිවරයා ප්‍රකාශ කිරීම තුළින් පොලිස් දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ටත් අගෞරවයක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නියෝග පාර්ලිමේන්තුවට වෙනස් කිරීමට නම් ශ්‍රේෂ්ඨාධිකරණයක් රටට අවශ්‍ය වන්නේ නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පිළිබඳව අදහස් දැක්වීමට පාර්ලිමේන්තුවට බලතලයක් හෝ සුදුසුකමක් නැති බව හෙතෙම කියා සිටියා

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...