spot_img
spot_img

රැකියා දෙන හැටි ජනපති කියයි

මෙරට අනාගතය රඳාපවතින්නේ, ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්ති මත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මන්නාරම ප්‍රදේශයේ පැවති සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, නිසි ආර්ථික සැලසුමකින් තොරව රට ඉදිරියට ගෙන යා නොහැකි බවය.

“දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්” මැයෙන් සංවිධාන කළ මන්නාරම දිස්ත්‍රික් තරුණ සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්විය.

එහිදී ජනාධිපතිවරයා තරුණ තරුණියන් අතරට ගොස් ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළේය.

රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් යන මහත්ම මහත්මීන් සහ පළාතේ දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් ද මන්නාරමේ දී ඊයේ පැවැත්විය.

පිරිස අමතමින් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ බිඳ වැටී තිබූ රටේ ආර්ථිකය දෙවසරක් වැනි කෙටි කාලයක් තුළ යළි නඟා සිටුවීමට තමාට හැකි වූ අතර ක්‍රමයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරියේදී සියලු පාර්ශව වෙත තවදුරටත් සහන සැලසීමට කටයුතු කරන බවය.

මන්නාරම දිස්ත්‍රික්කය තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කර තිබුණි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...