spot_img
spot_img

සජිත් ඇතුලු පිරිස ෆොන්සේකාට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම 21දා කැඳවයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය සහ පක්ෂය තුළ ඒ මහතා විසින් දරනු ලබන තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත් හිටුවන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (06) නියෝග කළේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙන අතර, මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී විනිසුරුවරයා නියෝග කළේ අදාල පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වනදා කැඳවන ලෙසයි.

හිටපු හමුදාපතිවරයකු වන දයා රත්නායක සමගි ජන බලවේගයට එක් කරගැනීම සම්බන්ධයෙන් තමන් විසින් සිදුකළ ප්‍රකාශ පදනම් කරගෙන සිය පක්ෂ සමාජිකත්වය හා පක්ෂය තුළ තමන් දරන තනතුරු වලින් ඉවත් කිරීමට සමගි ජන බලවේගයේ නායකයින් සූදානම් වන බවට චෝදනා කරමින් සරත් ෆොන්සේකා විසින් ඉකුත්දා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ අතර, එම නඩුව විභාග කළ දිසා විනිසුරුවරයා පැමිණිලිකාර සරත් ෆොන්සේකා සමගි ජන බලවේගය තුල දරනු ලබන තනතුරු හා ඔහුගේ පක්ෂ සමාජිකත්වය අත්විටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි. ඉන් අනතුරුව එම වාරණ නියෝග විසුරුවා හරින ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක්ද කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

ඉන් අනතුරුව කොළඹ දිසා අධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව සරත් ෆොන්සේකා විසින් ලබාගත් අදාළ වාරණ නියෝග අත්හිටුවීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ නායකයින් විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙන බව සඳහන් වේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...