spot_img
spot_img

පැනමා පේපර්ස් නඩුව ඇරඹෙයි

ඉකුත් සමයේ ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ මුදල් විශුද්ධිකරණය යටතේ එන මූල්‍ය අපරාධවලට සම්බන්ධ දේශපාලකයන්, නලු නිලියන් සහ ක්‍රීඩකයන් ලොවට අනාවරණය කළ ‘පැනමා පත්‍රිකා’වලින් හෙළිදරව් කර සිටි, පුද්ගලයන් 27 දෙනෙකුට අදාළව නඩු විභාගය ඉකුත් දා පැනමා අධිකරණයක දී ආරම්භවි තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ එහි ප්‍රධාන විත්තිකරුවන් වන ජර්මානු ජාතික ජර්ගන් මොසැක් සහ ඔවුන්ගේ නීති ආයතනය වූ ‘මොසැක් – ෆොන්සේකා’හි සම-නිර්මාතෘ වන රේමන් ෆොන්සේකාට එරෙහිවයි.

ඔවුන්ට එම චෝදනා එල්ල වී ඇත්තේ, සිය නීති සමාගම බදු වංචාකොට ෂෙල් සමාගම් පිහිටු වූ බවට වන චෝදනාවන් සමගයි.

2016 වසරේ දී, ජර්මානු පුවත්පතක් වන Süddeutsche Zeitung (SZ) වෙත රහස් මූල්‍ය ලේඛන මිලියන 11.5 ක් කාන්දු වූ අතර එමගින් ලෝකයේ ධනවතුන් කිහිප දෙනෙක්, තම වත්කම් අක්වෙරළ සමාගම්වල තැන්පත් කර ඇති බව හෙළිදරව් වුණා.

එම අනාවරණයේ ප්‍රබලත්වය කෙතරම් ද යත්, අයිස්ලන්ත හිටපු අගමැති සිග්මන්ඩර් ගන්ලෞග්සන්ට (Sigmundur Gunnlaugsson) සහ එවක පකිස්ථාන අගමැති වූ නවාස් ශරීෆ්ට සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට පවා සිදු වුණා.

මේ හරහා අනාවරණ‍ය වූ කරුණු සමග අපකීර්තියට පත් වූ පිරිස අතර හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, පාපන්දු තරුවක් වන ලයනල් මෙසී, එවකට ආර්ජන්ටිනාවේ ජනාධිපති මොරිසියෝ මැක්‍රි සහ ස්පාඤ්ඤ චිත්‍රපට නිෂ්පාදක පෙද්‍රෝ අල්මෝඩෝවර් ඇතුළු තවත් අය සිටිනවා.

අනතුරුව එමගින් අපකීර්තියට පත් වූ බොහෝ අය නීති විරෝධී ලෙස ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන් සිය ධනය අක්වෙරළ ගිණුම්වල තැන්පත් කිරීමට හේතු පැහැදිලි කළා.

කෙසේ නමුත් මෙම ආන්දෝලනාත්මක අනාවරණයෙන් වසර අටකට පසු මෙම නඩු කටයුතු ආරම්භ වී තිබීම පිළිබඳව ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...