Friday, June 5, 2026
spot_img
spot_img

ජෙරම්ව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණ දුන් නියෝගය

බුදුදහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි පැවසෙන දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සර්ව ආගමික නායකයින් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූලි මස 22 වනද යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉදිරිපත් කළ සර්ව ආගමික නායකයින් අතරින් තුන්දෙනෙකු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවට දැනුම් දී ඇතැයි පැවසුවා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් කරනු ලැබූ නියෝගයට අනුව මෙම දේවගැතිවරයා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනවල සියලු වාර්තා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම මීට පෙර අගවිනිසුරුවරයා ඉදිරියේ සලකා බලා ඇති නිසා එය අගවිනිසුරුවරයාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීම සුදුසු බව නිගමනය කළා.

ඒ අනුව, අදාළ පෙත්සම ජූලි මස 22 වන දා කැඳවන ලෙස නියෝග කෙරුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...