අද (16) දින පාර්ලිමේන්තු නව කථානායකවරයා පත් කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුව හෙට (17) දින සහ අනිද්දා (18) දින රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ හෙට දින පළමු කටයුත්ත ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිවුදෙනා දිවුරුම් දීම සිදුකෙරෙනු ඇති.
අනතුරුව නියෝජ්‍ය කතානායකවරයා මුලසුනට පැමිණීමෙන් පසු කථානායකවරයා පත්කර ගැනීම සිදුකරන අතර කතානායක ධූරය සදහා ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන්ද නාමයෝජනා ඉදිරිපත් කෙරෙන බව වාර්තා වනවා.




