spot_img
spot_img

වඳුරු උණ ප්‍රභේදය ආසියාවටත් පැතිරේ

අප්‍රිකා කලාපීය රටවලින් පළමු වරට හඳුනා ගත්, ඉතා වේගයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් ද ඇති, ‘එම් පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරසයේ නව ප්‍රභේදය, තායිලන්තයට ව්‍යාප්ත වී ඇත.

ඒ අනුව, ‘එම් පොක්ස් ක්ලේඩ් 1බී’ නමැති එම වයිරස ප්‍රභේදය අප්‍රිකාවෙන් පිට, ආසියානු රටකින් හමුවුණු පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

රෝග ලක්ෂණ පෙන්නුම් කළ, බැංකොක් අගනුවරට ආ ගුවන් මගියකු වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ විට, ඔහු ‘එම් පොක්ස් ක්ලේඩ් 1බී’ නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ තැනැත්තකු බව තහවුරු කරගත් බව තායිලන්ත සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයා 66 හැවිරිදි යුරෝපා ජාතිකයකු බවත්, ඔහු බැංකොක් අගනුවර බලා පැමිණ ඇත්තේ අප්‍රිකාවේ සිට මහා බ්‍රිතාන්‍යය හරහාය.

ආසාදිතයා සමඟ සමීප ඇසුරක් පැවැත්වුණු 43 දෙනකු හඳුනා ගැනීමට තායිලන්ත සෞඛ්‍ය බලධාරීන් සමත් වී ඇති අතර, ඔවුන් එම 43 දෙනා ගැන විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ.

‘එම් පොක්ස්’ වයිරසය ලොව පුරා ව්‍යාප්තවීමට පටන් ගත්තේ 2022 වසරේදී, ‘කොවිඩ් 19’ වයිරසයේ සැර බාල වෙද්දීය. ‘එම් පොක්ස්’ වයිරසය ‘කොවිඩ් 19’ තරම් බිහිසුණු නොවන නමුත්, ඒ ගැන අවධානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. ‘එම් පොක්ස්’ ආසාදිතයන් වන්නේ, සමලිංගිකයන්ය. 2022 වසරේ සිට මේ දක්වා තායිලන්තයෙන් වාර්තා වුණු ‘එම් පොක්ස්’ ආසාදිතයන් ගණන 800 කි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...