spot_img
spot_img

කොළඹ වරායෙන් මතු වූ සමූහ මිනීවළ කුමන කාලයට අයත් ද ?

කොළඹ වාණිජ අගනගරයේ අධි ආරක්ෂිත කලාපයකින් තවත් සමූහ මිනිවළක් මතුව තිබෙන බවට බීබීසි සිංහල පුවත් සේවය වාර්තා කරනවා.

එම පුවත් සේවය වාර්තා කරන්නේ, ජුලි මස 13 වැනිදා මෙලෙස මිනිස් අස්ථි කොටස් හමු වී ඇත්තේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙන් බවයි.

ඒ ඉඟුරු කඩේ මංසන්ධියේ කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් කුලුණු මතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුරදීයි බවයි බීබීසි සිංහල පුවත් සේවය වාර්තා කරන්නේ.

ඒ සම්බන්ධව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විනිසුරු ඉදිරියේ මේ මස 05 වැනි දින මිනිවළේ කැණීම් කටයුතු ආරම්භ කර තිබුණා.

මෑත කාලයේ මෙරටින් හමුවු සමූහ මිනීවළවල් හි කැණීම් කළ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් මෙම සමූහ මිනීවළේ කැණීම් කටයුතු මෙහෙයවනු ලබන බවද එහි සඳහන් වනවා.

ඔහු බීබීසි සිංහල පුවත් සේවයට පවසා ඇත්තේ, මෙතෙක් මෙම මිනීවළේ කාලය සම්බන්ධව කිසිවක් අනුමාන කළ නොහැකි බවයි.

එමෙන්ම එම ස්ථානයේ ඇති වී තිබෙන මෙම ව්‍යවුල් සහගත තත්ත්වය හේතුවෙන් එය සංකීර්ණ ස්ථානයක් බවත් එහිදී මාර්ග දෙකක් සහ බෝක්කු සාදා ඇති බවයි ඔහු පවසන්නේ.

සංවර්ධනයට ලක් වුණු ප්‍රදේශයක් බැවින් ඒ හේතුවෙන් එම ස්ථානය සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්ව තිබෙන බවට මහචාර්යවරයා වැඩිදුරටත් පවසා තිබෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

එහිදී මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමූහ මිනීවළේ දැනට පවතින තත්ත්වය සම්බන්ධව බීබීසී පුවත් සේවයට වැඩිදුරටත් දැක්වූ අදහස් :

“අපිට කාලයක් තහවුරු කරන යමක් ලැබෙන තුරු කාලයක් ගැන මොනවත් කියන්නත් බැහැ. අපි තාම ඇටසැකිලි ලෙවල් එකට ඇවිල්ලත් නැහැ, තාම උඩ ඉඳලා තමයි යන්නේ. තව දවස් දෙකක් තුනක් විතර යයි අපිට ඇට සැකිලි මට්ටමට යන්න”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...