spot_img
spot_img

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය මැයි 18 වනදා මුම්බායේ Jawaharlal Nehru Port Trust (JNPT) වෙතින් මෙම ඉන්ධන තොගය ශ්‍රී ලංකාවට නැව්ගත කර තිබේ.

මෙම සමාරම්භක නැව්ගත කිරීම අමතමින්, ඉන්දියන් ඔයිල් හි අධ්‍යක්ෂ (අලෙවිකරණ) වී. සතිෂ් කුමාර් මහතා අදහස් දක්වමින් පැවසුවේ, “අපගේ තවත් නවතම නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත යැවීමට හැකිවීම ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කරනු ලබනවා“, යනුවෙනි.

XP100 ලෙසින් නම්කර ඇති මෙම පෙට්‍රල් වර්ගය ඉන්දියාව විසින් දේශීය සංවර්ධනය කරන ලද්දකි.

එය උසස් ගණයේ වාහන සඳහා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු එන්ජිමේ ක්‍රියාකාරිත්වය, වේගවත් ත්වරණය, සුමට රිය පැදවීමේ හැකියාව සහ වැඩිදියුණු කළ ඉන්ධන පිරිමැස්ම සඳහා නිර්මාණය කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...