spot_img
spot_img

සිනමාශාලාවලට එන අලුත්ම නීතිය

සිනමාශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම සම්බන්ධයෙන් නව නීතියක් සැකසිය යුතු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සිනමාශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම වළක්වාලමින් නව නීතියක් නිර්මාණය කළ යුතු බවයි එම සංගමය පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව මැදිහත් වී අවශ්‍යය නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බව එම සංගමය පෙන්වා දෙනවා.

එම සංගමය පවසන්නේ, පසුගිය කාල වකවානුවේදී සිදු වූ ඇතැම් සිද්ධීන් නිසා මෙම තීරණය ගැනීම යෝග්‍ය බවයි.

මේ අත​ර චිත්‍රපටි නැරඹීම සඳහා සිනමා ශාලාවකට යන අයට, මින් ඉදිරියට සිනමා ශාලාව තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කළ යුතු බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහ​තා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඒ අනුව ඒ සඳහා නීතියක් සම්පාදනය කළ යුතු බවයි.

සිනමා අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු චිත්‍රපටය පටිගත කර අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...