spot_img
spot_img

රනිල් ගොඩගන්න කුරුණෑගල මෙහෙයුම ඇරබෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහනය සදහා,මාවතගම ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම දෙනා එක්ව සාකචිජාවක් ඊයේ පෙරවරුවේ පැවැත්වුවා.

ඒ එක්සත් ජාතික පක්ෂයේ උප නායක, කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුනෑගල දිස්‌ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමන් සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රීන් අසංක නවරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් .
එහිදී ඉදිරි කාලසීමාව තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියේදී කලයුතු කාර්යභාරය පිලිබදව සාකචිජා කෙරුණා.

එක්සත් ජාතික පක්ෂ කටුගම්පල ආසනයේ කලාප සංවිධායක, හිටපු වයබ පළාත්සභා මන්ත්‍රී අසංග පෙරේරා මහතා ඇතුළුව විශාල පිරිසක් මෙම සාකචිජාව සදහා එක්ව සිටියා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ උණුසුම පවතින මෙවැනි වාතාවරණයක තවමත් එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රනය ඇල්මැරුණු ස්වභාවයකින් පවතින බවට පාක්ෂිකයින් පවසනවා.

එක්සත්ජාතික පක්ෂ පැරැන්නන්ගේ මතය වී ඇත්තේ මේ තම පක්ෂය යලි ගොඩනැගීම සදහා ඉතාමත් හොද අවස්ථාවක් වුවත් ඒ සදහා නිසි යාන්ත්‍රණයක් තවමත් ක්‍රියාත්මක නොවන බවටයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...