spot_img
spot_img

අනුරගේ රැස්වීම වීඩියෝ කළ බුද්ධි නිලධාරියාට කුරුණෑගලදී පහර දීලා

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී ඊයේ (2) පැවැති රැලියකට පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සිටි බුද්ධි අංශයකට සම්බන්ධ පොලිස් නිලධාරියකු අනුර කුමාර මහතාගේ ජායාරූප ගැනීමට යාමේදී එහි සිටි පිරිසකගේ ප්‍රහාරයකට ලක්වී ඇතැයි වාර්තාවේ.

එහිදී බුද්ධි අංශයේ නිලධාරීයා ජායාරූප ගැනීම පසෙක තබා දිව ගොස් පාරේ නවතා තිබු ජීප් රථයකට නැගී බේරී පැන ගොස් ඇතැයි දැනගන්නට ඇත.

ජනරැලිය ඇමැතීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එදින සවස 6.00ත් – 06.30 ත් අතර කාලයේදී පැමිණ ඇත.

දිසානායක මහතා ගමන් ගත් රථය මාවතේ නතර නොකර ක්‍රීඩා පිටියේ වේදිකාව අසලටම ගමන් ගැනීමේදී පිවිසුම් දොරටුව අසල සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියා ජායාරූප ගැනීමට යාමේදී මතුවූ සැකය මත නායකයාගේ ආරක්ෂාවට පැමිණ පිරිස් ප්‍රශ්න කිරීමත් සමඟම අවට සිටි පිරිස් ඔහුට පහර දුන් බවත් එහිදී තමා කවුද යන්න පවා නොපවසා දිව ගොස් පොලිස් ජීප් රථයකට ගොඩවී පොලිස් නිලධාරීන්ගේ රැකවරණය මැද පලා ගිය බවත් උත්සවයට සහභාගිවූ පිරිසක් පැවැසූහ.

සිද්ධිය පිළිබඳව වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කේ. ජයලත් මහතාගෙන් ලංකාදීප පුවත්පත කළ විමසීමේ දී පවසා තිබෙන්නේ “මෙතැනදී යම් සිදුවීමක් වෙලා තිබෙනවා. ඒත් මම කොළඹට ඇවිත් ඉන්න නිසා ඒ සම්බන්ධව කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගෙන් අහන්න. ඔහු සිද්ධිය හොදාකාරවම දන්නවා” යැයි පැවැසීය.

කුරුණෑගල මුලස්ථාන පොලිස් පරීක්ෂක චන්න කොබ්බැහැර මහතාගෙන්ද කළ විමසීමකදී ඔහු පවසා තිබෙන්නේ,

“සිවිල් ඇදුමෙන් ජායාරූප ගන්නේ කවුද යන්න නොදැන අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂක අංශයට මතුවූ සැකය මත ප්‍රශ්න කිරීමක් කරලා තිබෙනවා. එතැනදී අපි ඉදිරිපත් වෙලා ඔහු පොලිස් නිලධාරියකු බව පවසා මතුවූ සැකය ඉවත් කර දුන්නා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...