ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කිහිපදෙනෙකු සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.
ඒ අතර වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සිටින අතර ඔහු වයඹ පළාත් මහඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබුවා.
බිංගිරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයේ ද ඒ මහතා කටයුතු කර තිබෙනවා.
එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ත ප්‍රදීප් කුමාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය හා එක්ව ඇති බව වාර්තා වෙනවා.
ඒ මහතා සමඟි ජන බලවේගයට එක් වීමෙන් අනතුරුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ලදී.
ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොතුවිල් ආසනයේ කැඳවුම්කරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොතුවිල් ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායක, පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අබ්දුල් මජීඩ් මහතා ද සමගි ජන බලවේගය හා එක් වුණා.
ඒ මහතා සමගි ජන බලවේගයට එක්වෙමින් අනතුරුව පොතුවිල් ආසනයේ සම සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ලදී.




