spot_img
spot_img

දුම්රිය වැඩවර්ජනය ගැන අවසන් තීරණය අද

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අද (16) දිනයේ දී අවසන් තීරණයකට පැමිණෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි.

උසස් වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගියදා දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක නිරත වූ අතර, අදාළ ගැටලුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට විසදුම් ලබාදෙන බවට විෂය භාර අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුව මත එම වැඩවර්ජනය තාවකාලිකව නතර කරනු ලැබුවා.

කෙසේවෙතත් ඊයේ (15) දිනයේ දී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවී නොමැති බැවින් සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද පෙරවරුවේ රැස් වී තීරණය කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර, ගුරු- විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් ඉදිරියේ දී යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ගුරු-විදුහල්පතිවරුන්ට වැඩවර්ජනයකට යාමට සිදුවුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“විවිධ තර්ජන දාලා වෘත්තීය ක්‍රියාමාර්ග කඩාකප්පල් කරන්න ජනාධිපති උත්සාහ කරනවා. අපි දැවැන්ත විරෝධතා, විශාල උද්ඝෝෂණ ඇතුළු ක්‍රියාමාර්ග රැසක් අනිවාර්යයෙන්ම පාසල් පද්ධතිය තුළ මෙය ක්‍රියාවට නංවනවා. වැඩවර්ජන දක්වා මේ තත්ත්වය දරුණු වෙන්න ඉඩ දෙන්න එපා කියලා අපි කියනවා…”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...