spot_img
spot_img

විදුලිබල මණ්ඩලේ ජනතාවගෙන් වැඩිපුර සල්ලි අරන් – පාඨලී

වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය අවම වශයෙන් එක් පාරිභෝගිකයෙකුගෙන් පසුගිය මාස හය ඇතුලත රුපියල් 15,000 ක මුදලක් අය කරගෙන ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙසේ උපයාගත් රුපියල් බිලියන 120 ක ලාභය මෙවර ගාස්තු සංශෝධනයේ දී ජූනි 31 වෙනිදාට පොළියත් සමග පාරිභෝගිකයා වෙත ආපසු ලබාදෙන ලෙස රණවක මහතා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටියා.

මෙසේ අධික ගාස්තු සම්පාදනයකින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් උපයාගත් ආදායම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ අවධානය යොමු විය යුතු බව රණවක මහතා පවසනවා.

මහජන උපයෝගීතා කොමිසම විසින් යෝජිත විදුලි ගාස්තු සම්බන්ධයෙන් සංවිධානය කරන ලද අදහස් විමසීමේ වැඩසටහනකට ඊයේ (09) සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...