Tuesday, April 28, 2026
spot_img
spot_img

බංකොලොත් රට ගොඩනගන තීරණය ජනතාව අතේ

බංකොලොත් රට ගොඩගැනීමේ දි රනිල් වික්‍රමසිංහ අනුර කුමාර කූඨ සන්ධානයට අවස්ථාව ලබා දෙනවාද විපක්ෂයේ සිටම රට ගොඩනගන්න කටයුතු කළ සමගි ජන බලවේගයට ලබා දෙනවාද කියා ජනතාව තීරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (12) කළුතර පැවැති සමගි ජන සන්ධානයේ 47 වැනි ජනරැළිය අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ගම් නියම්ගම් සිසාරා නව වැඩපිළිවෙළක් නව දර්ශනයක් හරහා පොදුජන යුගයක් බිහි කරනවාද කියා තීන්දුව ජනතාව සතු බවය.

එමෙන්ම සමගි ජන බලවේග රජයක් තුළ සැම පාසලක්ම සුහුරු පාසල් කරන බවත් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය දියුණු කරණ බව ඔහු කියා සිටියා.

තරුණ පරපුර වෙනුවෙන් නිපුණතා සංවර්ධනය සිදු කරන බව ද ඔහු අවධාරණය කර සිටියා.

විපක්ෂනායකවරයා කියා සිටියේ විරැකියාවෙන් පෙළෙන තරුණයන්ට නව දැනුමක් ලබා දීමට කටයුතු කරන බවය.

තම පියා වන රණසිංහ ප්‍රේමදාස විසින් ඇගලුම් කම්හල් 200 තුළින් නිර්මාණය කළ මහා කර්මාන්ත විප්ලවයේ ඊලග පියවර ලෙස අපනයන කේන්ද්‍රය දැනුම කේන්ද්‍රීය ආර්ථිකය නිර්මාණය කර ජනතාව සවිබල ගන්වන බව ඔහු මෙහිදී අනාවරණ කර සිටියා.

ඉඩමක් නොමැති ජනතාවට ඉඩමක් සහ නිවසක් ලබා දී නිවාස සිහිනය සැබැ කරන බවත් කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය සුහුරු කරන බවත් ඉන්ධන සහනාධාරය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...