දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා පැවසුවේ අනතුරින් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවයි .
ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබු අතර අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර තිබුණා.
Comments




