spot_img
spot_img

විදේශ ආධාර ලබාගෙන රට ගොඩදානවා – සජිත්

තම පාලනයක් යටතේ විදේශ රටවල ආධාර ලබාගෙන රට ගොඩගන්නා වැඩසටහන දියත් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ඊයේ (17) බණ්ඩාරගම පැවති ජන රැලිය අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස්ඩ් දැක්වූ විපක්ෂ නායකවරයා,

“සංවර්ධනය නමින් දියුණුව නමින් අපි අදහස් කරන්නේ මෙරට ලක්ෂ 220කගේ සංවර්ධනයි. ඔබගේ දියුණුවයි. දියුණුව කියලා ඉලක්කම් ඉදිරිපත් කළාට වැඩක් නැහැ. දියුණුව සංවර්ධනට, සුබසාධනය මුදල් පසුම්බියට දැනෙන්න ඕනේ. අද වරදාන, වරප්‍රසාද භුක්ති විඳින්නේ ජනාධිපති හා ආණ්ඩුව. ලක්ෂ 220ක් අනාථ කරලා මැතිවරණයක් ළං වෙනකොට බොරු උප්පරවැට්ටි පොරොන්දු ඉදිරිපත් කරලා සීනිබෝල ලබාදීලා මේ අය හිතාගෙන ඉන්නවා මෙදා පාරත් රටේ ජනතාව රවට්ටන්න පුළුවන් කියලා. මේ අවස්ථාවේ රටේ සුවහසක් ජනතාව රැවටෙන්නට සූදානම් නැහැ. ගංවතුර, නායයාම් අවදානම් තිබීයදීත් කළුතර දිස්ත්‍රික්යේ ජනතාව ආවා. මේ ජනතාව මෙතෙන්නට රැස්වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවට කැක්කුමක් තියෙන මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කැපවීම්කරන පොදුජන සංවර්ධන යුගයක් වෙනුවෙන් අපිට හයිය දෙන්න. අපි සූදානම් මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් සපයන්න. මම ඔබට කියනවා අපේ රටේ මුදල්වලටත් විදේශිය රටවල ණය නෙමෙයි, ආධාර උපකාර අරගෙන රට ගොඩගන්න වැඩසටහන අපි දයත් කරනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...