spot_img
spot_img

රෝහිතට අම්ම කිව්වට, මට දරුවෝ කිව්වේ මහින්ද ළඟට යන්න කියලා – වසන්තා හඳපාන්ගොඩ

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස පත් කිරීමට පක්ෂයෙ ව්‍යවස්ථාව වෙනස් කළ බවත් එසේ කර තිබියදී රනිල්ට සහය දක්වන ඔහු මේ වන විට කිඹුල් කඳුළු හෙළන බවත් ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පවසනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (05) පැවති හමුවකදී ඇය මෙම අදහස් පළ කළා.
කළුතරදී රෝහිත අබේගුණවර්ධන විසින් සංවිධානය කළ රැස් වීමට තමාද සහභාගී වූ බවත් එහිදී සිය අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් තමාට අවස්ථාවක් ලබා නොදුන් බවත් වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මෙහිදී පවසා සිටියා.

එම අවස්ථාවේදී රෝහිත අබේගුණවර්ධන ළගට ගොස් තමාගේ සහාය පොදුජන පෙරමුණට පමණක් බව පවසමින් පවසමින් එම රැස්වීමෙන් පිටතට පැමිණි බවද ඇය සඳහන් කළා.

වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මෙහිදී පවසා සිටියේ රෝහිත අබේගුණවර්ධන මහතාව පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස පත් කළේ පක්ෂයේ ව්‍යස්ථාවත් වෙනස් කරමින් බවයි,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජනඅධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය,

“ව්‍යවස්ථාවත් වෙනස් කරලයි,එතුමාව ජාතික කැඳවුම්කරු කළේ, එහෙම කරපු මිනිහා බොරුවට කිඹුල් කඳුළු හෙලනවා මගේ තාත්ත වගේ මගේ අම්ම වගේ කියලා, අම්මගෙ ආශිර්වාදය අරගෙන මම ගියේ කියලා, මගේ අම්මත් නැහැ, මගේ තාත්තත් නැහ, මගේ නැන්දම්මත් නැහැ, මගේ මාමත් නැහැ හැබැයි මගේ දරුවෝ කියනවා, මහින්ද රාජපක්ෂ ඉන්නෙ කොතනද බය නැතුව ඒ කඳවුර නියෝජනය කරන්න කියලා”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...