spot_img
spot_img

රාජාංගනයේ සද්ධාරතන හිමිට එරෙහි නඩුව කල් ගිහින්

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාජාංගනයේ සද්ධාරතන හිමියන් එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන දෙසැම්බර් මස නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව කැඳ වූ අවස්ථාවේදී මහේ ස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරනු ලැබුවා.

සැකකාර හිමිනම යූ ටියුබ් වීඩියෝ ඔස්සේ සිදු කළ අදහස් දැක්වීම් ලක්ෂයකට අධික පිරිසක් නරඹා ඇති බවත් 15000ක් පමණ පිරිසක් එය අනුමත කරමින් අදහස් දක්වා ඇති බවත් සැකකාර හිමිනම ඉදිරිපත් කරමින් පරිඝණක වෝහාරික අපරාධ කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් දක්වා තිබුණා.

ඒවා අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කර ඇති අතර, එම වීඩියෝ පටය හේතුවෙන් ආගමික හා ජාතික සංහිදියාවට තර්ජනයක් බව අධිකරණයට වාර්තා කර තිබෙනවා.

ඇප මත මුදා හැර ඇති සැකකාර රාජාංගනයේ සද්ධාරතන හිමියන් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...