spot_img
spot_img

සලේ කළ යුතු හොඳම දේ, දන්නා සියල්ල හෙළි කිරීමයි – ඇමති නලින්ද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා, හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට කළ හැකි නිවැරදිම දෙය වන්නේ තමන් සතු සියලු තොරතුරු හෙළි කරමින් විමර්ශනවලට සහාය වීම බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, හිටපු බුද්ධි නිලධාරියෙකු සහ හමුදා නිලධාරියෙකු ලෙස ඔහු දන්නා තොරතුරු සඟවාගෙන සිටීමෙන් කිසිදු පලක් නොවන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

“කොහොම වුණත් බුද්ධි නිලධාරියෙක් හැටියට හා හමුදා නිලධාරියෙකු හැටියට සුරේෂ් සලේ මහතාට කළ හැකි හොඳම දේ තමයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දන්නා දේවල් ප්‍රකාශයට පත්කිරීම. ආරක්ෂක අංශවලට සහාය ලබාදීම.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහෙම නැතුව අපරාධ පරීක්ෂකයා මාරු කිරීම සඳහා අරගල කිරීම නොවෙයි. තමන්ගේ ලැප් එකේ හෝ ෆෝන් එකේ හෝ තිබෙන තොරතුරු ලබාදෙන්න. ඒක හංගන් හිටියට තේරුමක් නෑ…”

රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ මහතාගේ සුවදුක් සහ ඔහු රඳවා තබා ඇති පරිසරය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළේය.

ඔහු වෙනුවෙන් කිසිදු විශේෂ සිරකුටියක් හෝ විශේෂ පහසුකම් සලසා නොමැති බවත්, පෙර පැවැති ආණ්ඩුවල රැඳවුම් නියෝග මත පුද්ගලයන් රඳවා තැබූ සාමාන්‍ය ක්‍රමවේදයම ඔහු වෙනුවෙන් ද ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, සුරේෂ් සලේ මහතාට අවශ්‍ය වෛද්‍ය සහ මානුෂීය පහසුකම් උපරිමයෙන් සලසා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් කැබිනට් ප්‍රකාශකවරයා ඒ බව තහවුරු කළේය.

“මහජන ආරක්ෂක අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා සුරේෂ් සලේ මහතා විසින් සමහර වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍ය බව පැවසු විගස ප්‍රමාදයකින් තොරව ලබා දී තිබෙනවා කියලා. රෝහලේදී ඥාතීන්ට බලන්න අවසර දිලා තියෙන්නේ. ආහාර ලබා දෙන්නේ ඥාතීන් විසින්. එයා ඉල්ලා හැමදේම ලබා දෙමින් ඉන්නවා.”

“ඔහු වෙනුවෙන් විශේෂ කාමරයක් හඳලා නෑ. මීට පෙර කට්ටිය රඳවාගෙන සිටිය විදියටමයි එයාවත් රඳවාගෙන සිටින්නේ. මීට පෙර සිටි අය එහෙම කම්ප්ලේන් කළා කියලා දැනුම්වත් වීමක් නෑ. සලේ මහත්තයා වෙනුවෙන් වෙනම සිර කුටියක් අපි හදලා නෑ. සමාන්‍ය ක්‍රමයටමයි ඇතුළත් කරලා තියෙන්නේ. කලින් ආණ්ඩුවලත් රැඳවුම් නියෝග මත සිරකරුවෝ හිටපු විදියටම තමා ඔහු ඉන්නේ. ඔහුට අවශ්‍යකරණ පෝෂණය දෙනවා. සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් ඒ ගැන දැඩිව අවදානයෙන් ඉන්නවා.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...