රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන් සහ ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (19) පස්වරුවේ පැවැත්වුණා.
එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ, සඳුදා සිට සති දෙකක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.
වැටුප් විෂමතාවය සම්බන්ධව වාර්තාවක් සති දෙකක් ඇතුළත අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දෙන බව පැවසුවද, ගුරු වෘත්තිය සමිති එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජෝෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් කියා සිටියේ, සිය ගැටලු වලට විසඳුම් ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් සමග ඊයේ පැවැත්වූ සාකච්ඡා ද අසාර්ථක වූ බවයි.




