spot_img
spot_img

වසන්ත ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (10) ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ බව පැවසෙනවා.

මෙම සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එන අවස්ථාවේදි කඩුවෙල අධිකරණය ආසන්නයේ හා ඒ අවට ප්‍රදේශයට දැඩි ආරක්‍ෂාවක් යොදා තිබුණා.

ක්ලබ් වසන්ත, පසුගිය සඳුදා (08) අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයකදී සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නමැත්තාද මියගිය අතර කේ.සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කළ අතර ඔවුන් මේ වන විට කළුබෝවිල හා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...