උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව මෙවර සිය ඡන්දය භාවිත කරන්නේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ පානදුර කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
“ඊළඟ ධූර කාලයත් අපි ඔහුටම ලබාදිය යුතුයි. ඒ නිසා තමයි මමත් ඔහුට සහයෝගය දෙන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව අනිවාර්යයෙන්ම ඔහුට තමයි ඡන්දය දෙන්න යන්නේ. ඒ ගැන කිසිම ප්රශ්නයක් නැහැ. සියලුදෙනාම ලෑස්තියි අතිගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන්න. ඒ නිසා තමයි මමත් මගේ පක්ෂයත් ඔහුට සහයෝගය ලබාදෙන්නේ.”




