spot_img
spot_img

නිමල් සිරිපාලට සිතාසි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම වළක්වමින් ඉබි යතුරු දමා අගුළු දැමීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල විසින් ගොනු කරන ලද පුද්ගලික නඩුවක් විභාගයට ගැනීමෙන් අනතුරුවය.

පසුගිය ජුලි 05 වැනිදා අදාළ ගොඩනැගිල්ලට ආරක්ෂාව සඳහා යොදා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එම දේපොළ තුළ සිටියදීම ඊට ඉබි යතුරු දමා අගුළු දැමීමට විත්තිකරු විසින් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, ජුලි 19 වැනිදා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකාර නිමල් සිරිපාල ද සිල්වා වෙත මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ අද (16) සිතාසි නිකුත් කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...