spot_img
spot_img

ලක්ෂ 100ක පොල්තෙල් බිලට අඟරු චෙක් දුන් ඌවතැන්නේ සුමන හිමි රිමාන්ඩ්

කුලියාපිටිය පොල් තෙල් ව්‍යාපාරිකයකුගෙන් පොල්තෙල් ලබාගෙන මුදල් වංචා කළේ යැයි කියන මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි අප්‍රේල් 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (21)නියෝග කර තිබෙනවා.

ඒ .ජවික්‍රම පෙරේරා නමැති ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලක් අනුව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් රුපියල් මිලියන දහයක පොල්තෙල් ලබාගෙන වංචා කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

මට්ටක්කුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් පොල්තෙල් ලබාගෙන වංචාවක් සිදු කළේ යැයි චෝදනා ලැබ සිටින සැකකාර හිමිනමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ අතර සැකකරුව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (20)කොළඹ මහාධිකරණයේදී අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලකරත්න මහතා ඇතුළු පිරිසක් විමර්ශන පවත්වන බව සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...