ජනාධිපතිවරණය සමබන්ධයෙන් මේ වනවිට කර සිදුකර ඇති සමීක්ෂණ වාර්තා අනුව සජිත් ප්‍රේමදාස මහතා 48% ක ප්‍රතිශතයක් ලබා ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින්.
අනුර දිසානායක මහතා 28%ක් රනිල් වික්‍රමසිංහ මහතා 18% ක් වැනි ප්‍රතිශතයන් මේ වන විට ලබාගෙන ඇති බවයි ඔහු පවසන්නේ.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ ජයගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ඉතාම පහසුවෙන් ඉතිරි 3% සම්පූර්ණ කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.




