spot_img
spot_img

ශ්‍රීලනිප වත්මන් අර්බුදකාරී තත්ත්වය ගැන ඉදිරියේදී සාකච්ඡා කරනවා – මැතිවරණ කොමිෂන් සභාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, ඒ පිළිබද අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

පක්ෂයේ දෙපිරිසක් විසින් මේ වනවිට තමා වෙත යොමු කර ඇති සියලු ලිපිලේඛන කොමිසම හමුවට ඉදිරිපත් කරන බවත් එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පවසනවා.

ශ්‍ර‍ී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල සිදුකළ පත් කිර‍ීම්වලට එරෙහිව එහි වැඩබලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවේ සිය විරෝධතා ඉදිරිපත් කර තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දුෂ්මන්ත මිත්‍රපාල මහතා සඳහන් කළේ, පක්ෂ ව්‍යවස්ථාවට අනුව සියලු කටයුතු සිදුවිය යුතු බවට මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි.

මේ අතර, පසුගියදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් නව තීන්දු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් ජාතික මැතිවරණ කොමිසම හමුවේ කරුණු වාර්තා කර තිබනවා.

ඒ දේශපාලන මණ්ඩල රැස්වීමේදී කරන ලද නව පත්කිරීම් සහ ඊට අදාළව කරුණු දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කළ බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...