spot_img
spot_img

පළමු ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.

ඒ දින හතරක් පුරා පැවති පළමු තරගයෙන් බංග්ලදේශය ලකුණු 328කින් පරාජයට පත් කරමින්.

පළමු තරගයේ දෙවෙනි ඉනිම සඳහා ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියල්ලන් දැවි ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 182 ක් පමණයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 280 ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පළමු ඉනිමට රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 188 ක් පමණයි.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිම සඳහා ලකුණු 418 ක් රැස් කරනු ලැබුවා.

වසර 147 ක් ඉපැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් කණ්ඩායමක පිතිකරුවන් දෙදෙනෙකු ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ ලොව තුන්වැනි අවස්ථාව සනිටුහන් කරන්නට ටෙස්ට් නායක ධනංජය ද සිල්වාට සහ කමිඳු මෙන්ඩිස්ට පළමු තරගයේදී හැකියාව ලැබුණා.

පළමු ඉනිමේදී සහ දෙවෙනි ඉනිමේදී ද ද්විත්ව ශතක සබඳතාවක් එක්කළ මේ පිතිකරුවන් සුසංයෝගය වාර්තා පොත් අතරට එක්වුණේ ඉනිම් දෙකේදීම ලකුණු 150ට වඩා ඉහළ සබඳතාවක් ගොඩනැගූ ලොව තුන්වැනි පිතිකරුවන් යුගළ ලෙසටයි.

නායක ධනංජය ද සිල්වා ලකුණු 108ක් රැස් කළේ සිය 12 වැනි ශතකය වාර්තා කරමින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් සිය දෙවැනි ටෙස්ට් ශතක වාර්තා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 164ක්.

පළමු ඉනිමේදී ද කමිඳු සහ ධනංජය ශතකලාභින් බවට පත්වෙද්දී, එක් කණ්ඩායමක ක්‍රීඩකයින් දෙදෙනෙකු ජගත් ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ තුන්වැනි අවස්ථාව ද මෙයයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...