spot_img
spot_img

ලොව සතුටුම රටවල් අතර දෙවැනි තැන ලංකාවට

අන්තර්ජාතික පර්යේෂණ ආයතනයක් වන Sapien Labs විසින් 2023 වසරේ ලෝක මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවක ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වී තිබෙනවා.

එම සමීක්ෂණ වාර්තාවට අනුව ලොව සතුටින්ම ජීවත් වන පුද්ගලයන් වෙසෙන රටවල් අතරින් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි.

ඩොමිනිකන් ජනරජය මෙම ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින අතර ටැන්සානියාව, පැනමාව සහ මැලේසියාව පළමු රටවල් පහ අතරට පැමිණ තිබෙනවා.

ධනවත් රටවල් මෙම ලැයිස්තුවේ ඉතා අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ලෝකයේ වඩාත් අසතුටින් වෙසෙන ජනතාව වැඩි වශයෙන් ජීවත්වන රටවල් අතරට එක්ව තිබීමේ ප්‍රවණතාවයක් මෙම පර්යේෂණයේ ප්‍රතිඵල පෙන්නුම් කරනවා.

එමෙන්ම ලොව ප්‍රීතිමත් රටවල් අතරට එක්ව ඇති  ඩොමිනිකන් ජනරජය, ටැන්සානියාව හා පැනමාව ආදී රටවල් ඉංග්‍රීසි භාෂකයින් අවම වශයෙන් ජීවත්වෙන තවමත් දියුණු වෙමින් පවතින රටවල් වීමද විශේෂත්වයක්.

රටවල් 71ක වෙසෙන පුද්ගලයන් 400,000කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කරගනිමින් සිදු කර ඇති මෙම සමීක්ෂණයෙන් අනාරණය වී ඇත්තේ ලොව අසතුටින්ම ජීවත් වන පුද්ගලයන් සිටින රටවල් 6 අතරට උස්බෙකිස්තානය, එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, ටජිකිස්තානය සහ ඕස්ට්‍රේලියාව එක්ව ඇති බවයි

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...