spot_img
spot_img

ශ්‍රී ලංකා – ඊශ්‍රායල ගුවන් ගමන් ලබන 7 වැනිදා දක්වා අවලංගු කෙරේ..

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් සියල්ල ලබන 7 වැනිදා දක්වා අවලංගු කර ඇතැයි ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
ඒ , ඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන් තොටුපෙළේ මෙහෙයුම් නවතා දැමීමත් සමගිනි.

7 වැනිදාට පෙර දිනවලදී දෙරට අතර ගුවන් ගමන් සැලසුම් කර ඇති පුද්ගලයින් ඊට අදාළ දින වකවානු නැවත සූදානම් කර ගන්නා ලෙස තානාපති කාර්යාලය දැනුම් දෙනු ලබයි.

මේ අතර එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සියළු දෙනා තව දුරටත් ආරක්ෂිත බවත් ඉදිරියේදී අවදානම් සහගත තත්ත්වයක් උද්ගතවුවහොත් ඒ සඳහා ද කටයුතු සූදානම් කර ඇතැයි තානාපතිවරයා සඳහන් කළේ ය.

හැකිතාක් ගමන් අවම කර නිවාසවලම රැඳී සිටින ලෙස ඊශ්‍රායල රජය ජනතාවට දැනුම් දෙන්නේය.

ඉදිරියේදී ප්‍රහාර ඉහළ ගියහොත් ඒවායින් ආරක්ෂා වීම සඳහා භූගත කඳවුරු, භූගත රෝහල්ද සහ හදිසි ගිලන් රථ සේවා ස්ථාපිත කර ඇතැයි ඊශ්‍රායල රජය දැනුම් දෙයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...