Thursday, June 4, 2026
spot_img
spot_img

ආසියානු කලාපයේ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉදිරියෙන්

ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහයෝගීතා ජාත්‍යන්තර ආයතනයේ, 2025 ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ස්ථාන 15කින් ඉදිරියට පැමිණ ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 58 වන ස්ථානයයි. රටවල් 174ක තත්ත්වය මෙහිදී සලකා බලා ඇති අතර ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම විශේෂත්වයකි.

මෙම ශ්‍රේණිගත කිරීමට නියෝජනය, අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය හා සහභාගීත්වය යන කරුණු 4 පදනම් කරගෙන ඇත.

ශ්‍රී ලංකාව ස්ථාන 15කින් ඉදිරියට පැමිණීමට පසුගිය 2024 වසරේ පැවැත්වූ සාමකාමී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රධාන හේතුවක් බව සඳහන්ය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහයෝගීතා ජාත්‍යන්තර ආයතනය සිය වාර්තාවෙන් මේ ඡන්ද විමසීම් දෙක සාමකාමීව පැවැත්වීම ප්‍රශංසාවට ලක්කර ඇති අතර නීතියේ ආධිපත්‍යය සනිටුහන් වන අවස්ථාද පැසසුමට ලක් කර ඇත.

මාධ්‍ය නිදහස කාණ්ඩය යටතේ ආසියා සහ පැසිෆික් කලාපයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළ රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ය.

Share this with your friends

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...