සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ කාල සටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ජූලි මස 27 වැනිදා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
දෙවන තරගය ජූලි මස 28 වැනිදාත් තෙවන සහ අවසන් තරගය ජූලි මස 30 වැනිදාත් පැවැත්වෙනු ඇති.
එක්දින ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස දෙවැනිදා කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.
දෙවන තරගය 04 වැනිදාත්, තෙවන තරගය අගෝස්තු මස 07 වැනිදාත් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මෙම තරගාවලි සඳහා සහභාගී වන ඉන්දීය කණ්ඩායම ජූලි මස 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
මීට පෙර අදාළ තරගාවලිය ජූලි මස 28 වැනිදා ආරම්භ කරන බවටයි තොරතුරු වාර්තා වුණේ.
එක්දින ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස පළමුවැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා.




